වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය.

වතුරුවිල වන සෙනසුන


දකුණු පළාතේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ඇල්පිටිය කහදුව හරහා මාපලගමට වැටී ඇති බස්‌ මාර්ගයේ කිලෝ මීටර් 18 ක්‌ පමණ ගිය විට තිබ්බොටුවාව ග්‍රාමයේ ඇති වතුරුවිල ආරණ්‍යය අපට හමුවේ.අක්‌කර 80 ක පමණ භූමි ප්‍රදේශයක පැතිරි ඇති මේ වන සෙනසුන තුරු ලතාවලින් හෙබි සුන්දර වන අරණකි.බෝධිසත්ව ගුණෝපේත වතුරුවිල ශ්‍රී ඤාණානන්ද වනවාස මහා නාහිමිපාණන් වහන්සේa 1948 වර්ෂයේ මැණික්‌දිවෙල ශ්‍රී දේවානන්ද මාහිමියන් ඇතුළු තවත් හිමිවරුන් කීප නමක්‌ සමග ආරම්භ කළ වනවාස භික්‌ෂූ වැඩ පිළිවෙළ ඉන් නොනැවතී මදුනාගල ආරණ්‍ය සේනාසනයෙන් වඩාත් ශක්‌තිමත්ව ස්‌ථාපිත විය.මදුනාගලින් 1953 වර්ෂයේ වතුරුවිල තිබ්බොටුවාවේ ගුලනකන්දට වැඩම කළ වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මාහිමිපාණන් මෙම ආරණ්‍ය වාසභූමි කරගෙන ඇත. උන්වහන්සේ වැඩම කළ අවස්‌ථාවේ වනසතුන්ගේ නිජ බිමක්‌ වූ මේ බිමේ ගල් ගුහාවකට වී බණ භාවනා කරමින් කූඩැල්ලන්ගෙන් පීඩා විඳිමින් දුෂ්කර ජීවිතයක්‌ ගතකර ඇත.අති විශාල ශාසනික මෙහෙවරක කේන්ද්‍රස්‌ථාන වූ වතුරුවිල සේනාසනයේ වර්තමාන දියුණුව දෙස බැලීමේදී බෞද්ධයන් වන අපට සතුටුවිය හැකිය. නිර්මල බුද්ධශාසන ඉදිරියට පවත්වා ගෙන යැමට සිල්වත් ගුණවත් උගත් භික්‌ෂූ පරපුරක්‌ අවශ්‍ය වේ.1953.9.13 දින සිට මෙම පුණ්‍යභූමියෙන් සිදුවූ ශාසනික සේවා සුවිශේෂය. වතුරවිල සංඝ මූලස්‌ථානය කේන්ද්‍රකොට ගෙන මුදුනාගල එෙŒsරගල ආදි ආරණ්‍ය හා විවේක සේනාසන භාවනා මධ්‍යස්‌ථාන රාශියක්‌ ක්‍රියාත්මක වීමත් විශේෂයෙන් 1961 ආරම්භ කරන ලද ශ්‍රී ඤාණානන්ද පිරිවෙන මගින් භික්‌ෂුන් වහන්සේලා හට ත්‍රිපිටක ධර්ම හා ප්‍රාචීණ අධ්‍යාපනයත් භාවනා වත් පිළිවෙත් මෙන්ම පිරිත් හා ධර්ම දේශනා ප්‍රගුණ කිරීමත් සිදුවේ.අතේ තැන්පත්කම ඇති පයේ තැන්පත් කම ඇති වචනයේ තැන්පත්කම ඇති හැම අතින්ම තැන්පත්කම ඇති කමටහන් වැඩුමෙහි ඇලුණු සමාධියෙහි පිහිට භික්‌ෂූන් වහන්සේලා රැසක්‌ දැයට දායාද කරන්නට වතුරුවිල සංඝ මූලස්‌ථානය කටයුතු කර තිබේ.මෙම වන සෙනසුනේ නිර්මාතෘ ස්‌වාමීන්වහන්සේ වැඩ සිටි කුටිය උන්වහන්සේ පරිහරණය කළ ගල් ඇඳ ඇතුළු බහු භාණ්‌ඩ සහිතව අද දැකිය හැකිය. බවුන් කුටි සක්‌මන් මළු ත්‍රිවිඩ චෛත්‍ය පිණ්‌ඩපාත ශාලාව ඇතුළු විහාර අංග වලින් සමන් විතය. කුල දරුවන් පැවිදි කිරීමද උපසම්පදා කිරීමද සිදු කෙරේ.ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවර ඩඩ්ලි සේනානායක මැතිඳුන්ගේ රජයේ ස්‌වදේශ කටයුතු භාර ඇමැතිවූ ගාල්ලේ ආචාර්ය විජයානන්ද දහනායක මහතා 1968 සැප්තැම්බර් 26 වැනි දින ශ්‍යාමෝපාලි වනවාස මහ නිකාය රජයේ ලියාපදිංචි කරන ලදී. ඒ සම්බන්ධව ශිලා ලේඛනයක්‌ද වතුරුවිල ආරණ්‍ය සේනාසනයේ පිහිටුවා නිකායේ මහනායක කම වතුරුවිල ශ්‍රී ඤාණානන්ද මාහිමිපාණන් වහන්සේට පිරිනමන ලදී.මෙසේ ඇති කරගත් වනවාස නිකායේ භික්‌ෂුන් වහන්සේලා සිය ගණනින් වැඩිවිය. අප නාහිමිපාණන් වහන්සේ සිය අතින්ම කුල දරුවන් 630 කට අධික වූ ප්‍රමාණයක්‌ පැවිදි කර ඇති බවත් උන්වහන්සේ ගැන කියන වර්තමාන වතුරවිල සංඝ මූලස්‌ථානාධිපති මහකන්දේ රතනපාල නායක හාමුදුරුවන් වහන්සේ සංඝ මූලස්‌ථානාධිපති ස්‌වාමීන් වහන්සේලා අතින් 3000 කට අධික පැවිදි පරපුරක්‌ සසුනට දායාද කර ඇති බව කියති.සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථීතිය උදෙසා වතුරුවිල ශ්‍රී ඤාණානන්ද නාහිමිපාණන් වහන්සේලාගෙන් සිදුවූ සේවය අති විශාලය. බොදු බැතියන්ගේ ගෞරවාදරයට වන්දනා මාන කටයුතු සඳහාත් භික්‌ෂු අධ්‍යාපනයටත් යොමුවූ වතුරුවිල ආරණ්‍යයට රජයේ උදව්ද බොදු දානපතියන්ගෙන් මෙන් ලැබිය යුතුව ඇත.