වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය.

ඔලංගල ආරණ්‍ය සේනාසනය


බිබිල – උරනිය – මහියංගනේ පාරින් ඇවිත් මීගහකිවුල පැත්තට දාල ආයෙත් බදුල්ලට එන්න හිතුවා.හැමදාම නොයන පාරක් හින්ද අප්‍රසිද්ධ මොකක් හරි දැක්කොත් අනිවාර්යෙන් බලල හවස් වරුව ගත කරන්න හිතා ගෙන අපි පිටත් වුනා.මහියංගණය ටවුමෙ ඉඳන් 14කි.මි විතර එද්දි රිය දුර අසුනෙ උන්නු මට එක පාර ඇස ගැටුනෙ මෙන්න මේක.

ක්ෂනිකව වාහනේ නවත්තපු අපි තීරණය කලා ප්‍රධාන පාරෙන් 2km දුරක් හින්ද අවස්ථාවෙන් උපරිම ප්‍රයොජන ගන්න. ප්‍රධාන පාරෙන් හරවපු අපිට සුලු මොහොතකින් අවබොධ වුනා දවසේ අපූරුම චාරිකාව මේ හැරවුම බවට පත් වෙන බවට.රක්ෂිතයක් මැදින් වැටිල තියෙන අපුරු ගුරු පාර අපේ දවස පුරා තිබ්බ මහන්සිය එහෙම් පිටින්ම අමතක කෙරෙව්වා.

ආරණ්‍ය සේනාසනයෙ පුජා භූමිය වෙත ලගා වුන අපට ලොකු හාමුදුරුවො බැහැ දුටුවට පස්සෙ කන්ද තරණයට අවසර ලැබුනා. ආරණ්‍ය සේනාසනයේ එක් පසකින් කදු මුදුනට ලඟා වෙන්නත් නැවත අනෙක් පසින් බැහල පටන් ගත්තු තැනට එන්න පුලුවන් කියල ලොකු හාමුදුරුවො දැනුවත් කලා.වතුර බොතලයක් විතරක් ගත්තු අපි 7 දෙනා ලොකු හාමුදුරුවො පෙන්වපු පුන්චි අඩි පාරෙන් පිටත් වුනා කදු මුදුන බලන්ට.

බොහොම අපුරු සිසිලසක් රැදුනු අපුරු වනයක් මැද්දෙන් පුන්චි ගල් පඩි පෙලක් ඔස්සෙ ඔන්න ඔහොම අපි කන්ද මුදුනට ගැටුවා  කිව්වොත් තමයි හරි.ඇත්තටම පැයක විතර ආසන්න කාලයක් ගත වුනා අපිට නම් හුග දවසකින් මෙහෙම දේවල් වලට එකතු වෙලා නොතිබුනා නිසා වෙන්න ඕනි.ඒත් අවට පරිසරය ඒ වෙහෙස එහෙම් පිටින්ම අමතක කරවන්න සමත් බව කියන්නම ඕනි.

කන්ද මුදුනටත් එතනින් ආපහු පහලටත් එන පාර පුරාවටම අපිත් එක්ක මේ බලු සගයත් හිටිය.කිසිම විටක පාර අපහැදිලි තැනක අපි වැරදි පාරක ගියොත් ඌ නැවිත් ඉඳපු නිසා අපි දැනගත්ත මෙයා අපිව කදු මුදුනට පහසු මාර්ගයෙන් යන්න උදව් වෙන බව.