වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය.

ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය


පන්සලේ නම         :-         ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය
ආරම්භක වර්ෂය     :-         2008
විහාරාධිපති නාහිමි  :-         පූජ්‍ය ආරියරත්න හිමි
පිහිටීම                       :-        ඉංගිරිය නගරයේ සිට නගරයේ සිට පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් හතරක් පමණ ගිය විට හමුවන වෙළ ඉහළ මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගමන් කළවිට මඩකඩ රක්ෂිතය අසල මෙම ආරණ්‍ය සේනාසනය හමුවේ.
දුරකථන අංකය       :-         072-4763154/072-3935524
විස්තරය                    :-        සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයේ දැනට වැඩවාසය කරන්නේ එක් ස්වාමීන් වහන්සේ නමකි. මෙම ආරණ්‍ය සේනාසනය ආරම්භ කිරීම සඳහා ජයසිරි ජයකොඩි විසින් අක්කර එකයි තුන් කාලක භූමියක් සහ එහි කුටියක් සාදා පූජා කර ඇත. ඊට අමතරව ආරණ්‍ය සේනාසනයේ සංවර්ධන සමිතිය මගින් තවත් භූමියක් මිලදී ගෙන ඇත. හඳපාන්ගොඩ දකුණු ග්‍රාමසේවා වසමේ මඩකඩ රක්ෂිතය අසල ඉතාමත් රමණීය ප්‍රදේශයක පිහිටි මෙම ආරණ්‍ය සේනාසනය ප්‍රදේශයේ ජනයාගේ අතිශය ජනාදරයට පත්ව ඇත.
සම්බෝධි ආරණ්‍ය සේනාසනය මගින් ගම්වාසීන්ට ඉටුකරන කාර්යයන් අතර කඨින පිංකම්, ධර්ම දේශනා, භාවනා වැඩසටහන්, පිරිත් පිංකම් (ජය පිරිත් පිංකම්) පවත්වනු ලැබේ. මෙම ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි 4ක් ඇති අතර එම භාවනා කුටි වල පැවිදි පිරිසට මෙන්ම, ගිහි පිරිසටද නැවතී භාවනා කිරීමේ පහසුකම පවතී. මෙම ආරණ්‍ය සේනාසනයේ විහාර මන්දිරයක්, බෝධියක් හා ධර්ම ශාලාවක් පවතින අතර මෙම විහාරයේ දායක පවුල් සංඛ්‍යාව 600ක් පමණ වේ. මෙම ආරණ්‍ය සේනාසනයට සංවර්ධන සමිතියක් පවතින අතර එහ සාමාජිකයින් 15ක් පමණ සිටියි. එසේම සීල භාවනා සමිතිය මේ ආරණ්‍ය සේනාසනයට අතිවිශාල කාර්යභාරයක් ඉටු කරයි.