වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය.

කළුගල ආරන්‍ය සේනාසනය

 ඇල්පිටිය පසුකර පැලවත්ත, පිටිගල හරහා රණේපුරගොඩට පැමිණ එතැන් පටන් මහ වන මැදින් පාද චාරිකාවෙන් අප පිය නෑගූ අතීශය මනරම් සිත්නෙත් වසගයට පත්වන ඉතාමත් නිස්කලන්ක මෙම කඵගල ආරණ්‍ය සේනාසනය වෙත 2016.10.08 වන දින කලනමිතුරන් සමගින් අපට පියනෑගීමට වාසනාව උදාවිය.වතුරවිල සoඝ සභාවට අයත් මෙම කඵගල ආරණ්‍ය සේනාසනය සිංහරාජ වනය මහා වනයේ පිහිටා ඈත .වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාරගයේ වෑඩීම පහසු වීම සදහා දෑලකින් කරන ලද කුටි (meditation nets ) 06ක් ක්පූජා කිරීමට අවස්තාව 2016.10.08 දින අප සෑමට උදාවිය .සඝ ගුන සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිනිස පවතීවා යන අදහසින්ම කළන මිතුරන් සමගින් එක් වී මෙම දෑලකින් කරන ලද කුටි 06ක් පූජා කලෙමු.මෙම පුන්ණ්‍ය භුමිය වන්දනාවෙන් නා නා පුජා පෑවෙත්විමෙන් මෙන්ම දෑලකින් කරන ලද කුටි (meditation nets) පූජා කිරීමෙන් ධර්ම පුස්තක පූජාවෙන් ,ජනිත වූ සියලුම පුන්ය ධර්මයෝ මේ සදහා මෙම දෑලකින් කරන ලද කුටි 03ක් (meditation nets ) ලබාදුන් පින්වත් ලක්මි ලක්මි නoගිටද ,ලක්මි නoගිගේ මවටද පියාටද එම පවුලේ සියලුදෙනාටද ,එමෙන්ම අනෙක් දෑලකින් කරන ලද කුටි 03 පූජා කල නවසීලන්තයේ පදින්චි ප්‍රශාන්ත සෙනවිරත්න අයියාටද ඔහුගේ හිතමිත්‍ර මෙම පින්කම සදහා මෙම දෑලකින් කරන ලද කුටි (meditation nets ) ලබාදුන් නිරන්ජන් හේරත් අයියාටද ,ඉනෝකා බෙනරගම මහත්මියටද ,චිත්‍රාන්ගනී පෙරේරා මහත්මියටද ඉන්දුජීව පීරිස් අයියාටද , ධර්ම පුස්තක ලබාදුන් ඩුබයි හි පදින්චි ධම්මික වීරා අයියාටද ගමනට සම්බන්දවූ සියලුදෙනාටත් ,වචනයෙන් පවා උපකාරකල සියලුදෙනාටද , මෙම කඵගල ආරණ්‍ය සේනාසනය තුල වෑඩ වාසය කරන සියලු ස්වාමින් වහන්සේලාට. පින් කෑමති සියල්ලන් හටද සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.ඉදිරියටත් මෙලෙස දුෂ්කර වනසෙනසුන් තුල භාවනා සිදුකරන යෝගාවචරයන් වහන්සේලාලාගේ භාවනා කටයුතු සිදුකිරීම පහසුවීම පිනිස දෑලකින් කරන ලද කුටි(meditation net ) පූජා කිරීමට බලාපොරොත්තු වෙන් සිටින අතර මෙවෑනි පින්කම් සදහා සම්බන්ධ වීමට කෑමති පින්වතුන්ද මෙවෑනි දෑලකින් කරන ලද කුටි(meditation net ) අවශ්‍ය වනසෙනසුන් තිබේනම් ඒ පිලිබදවද මාහට දෑනුම් දෙන්න දු අ 0715945477 .
තෙරුවන්සරණයි. නමෝබුද්ධාය.
සාදු සාදු සාදු.......

 

මේ සේනාසනය පිහිටලා තියෙන්නේ අගලවත්ත බදුරලියේ. සිංහරාජ වනපෙත් මායිමේ. මේ ගමන පහසු ගමනක් නම් නෙවෙයි. වාහනයක යනවා නම් ඔයාලාට යන්න පුළුවන් ගුරුළුබැද්ද කියන කුඩා ගම්මානය වෙනකන් විතරයි. එතන ඉඳලා පා ගමනින් තමයි යන්න පුළුවන් තේ වතු මැදින්.

මේ ස්ථානයේ අද වෙනකොට විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් භාවනා යෝගීව වැඩ වාසය කරනවා. උන් වහන්සේලා දවසේ භාවනා අභ්‍යාස ආරම්භ කරන්නේ උදෑසන 4:30ටයි. රාත්‍රී 10:30 දක්වා උන්වහන්සේලා භාවනා කටයුතු සිද්ධ කරනවා.මේ ස්ථානය ගොඩක් ලස්සනයි. ඒ වගේම ගොඩක් පූජනීයයි. මෙහි යන්නට හිතන් ඉන්න හැමෝටම අවසානයේ එක දෙයක් එලකිරි සංචාරකයා වෙනුවෙන් කියන්නට කැමතී.මෙහි පරිසරය විනාශ කරන්නට එපා. ඔයාලා පිවිසෙන්නේ සිංහරාජ වන පියස තුලටයි. 
සිංහරාජය කියන්නේ අපේ රටේ හදවත. ඒ හදවත් ආරක්ෂා කරගන්න.








කළුගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ කළුතර දිස්ති‍්‍රක්කයේ කළුගල රක්ෂිත වනයෙහි ය. පැලවත්ත - හෙවෙස්ස හරහා හෝ අගලවත්ත කඹුරාවල හරහා මේ පින්බිමට පිවිසිය හැකි ය. කුමන මඟකින් පැමිණිය ද මෙහි සේන්දු විය යුත්තේ දෙපා වීරියෙනි. වනාන්තරය මැදින් වැටුණු අඩි පාර දිගේ යන අපට කඳු, හෙල්, තැනිතලා දියකඩිති තරණය කරන්නට සිදුවිණි. ඒ සියල්ල අපට පසක් කළේ දිවිය තුළ වන සැප, දුක, නින්දා, ප‍්‍රශංසා ආදියම යැයි මට සිතුණි.
පුදබිමක ඇරඹුමමේ පුදබිමේ නිර්මාතෘ වන්නේ දොන් පිලිප් විජේසුන්දර බ‍්‍රහ්මාචාර්යවරයා ය. හෙතෙම බුදු සසුනට විශේෂ ලැදියාවක් ඇත්තෙක් විය. ඒ නිසා ම ඔහු දිඹුලාගල ‘පස් බුදු ලෙන’ තපෝවනය භාවනානුයෝගීන් වෙනුවෙන් දියුණු කිරීම උදෙසා කැප විය. මේ අතර දිනක් ඔහුට අපූරු සිහිනයක් පෙනිණි. මනහර රුවැති දේවතාවෙක් එතුමා ඉදිරියෙ පෙනී සිට ‘පස් බුදු ලෙන’ භාවනානුයෝගීන් වෙනුවෙන් දියුණු කිරීම අසීරු බව පැවසීය. ඒ සඳහා කළු ගං මෝය, වළවේ ගං මෝය හෝ කළුගල ‘ගල්ලෙන්ගොඩ’ උචිත වග පැවසීය. ඒ අනුව හෙතෙම 1942 දී කළුගලට පැමිණියේය. එවකට ආරණ්‍ය සේනාසනය පවතින ප‍්‍රදේශයේ ‘අරණෝරිස් අප්පුහාමි’ නම් පුද්ගලයෙක් වී ගොවිතැනින් ගව පාලනයෙන් යුතුව ජීවත් විය. බ‍්‍රහ්මාචාර්යවරයා සිය අදහස ප‍්‍රකාශ කළ විට සතුටුවූ හෙතෙම තම පූර්ණ දායකත්වය මේ කාර්ය උදෙසා ලබාදුන්නේය. අවට ප‍්‍රදේශවාසීන්ගේ ශ‍්‍රම දානයෙන් සෙනසුන තැනීම ඇරඹිණ.මෙසේ ඇරඹි ආරණ්‍ය සේනාසනයෙන් 1942 ඇසළ පෝ දා පළමු වරට දහම් සුවඳ විහිදිණි. බදුරලියේ සිට අලි ඇතුන් සහිත මහ පෙරහැරකින් ධාතු කරඬුවක් හා මහා සංඝරත්නය වැඩම විණි.
පූජනීය ස්ථානඅද වන විට මෙහි සැදැහැතියන්ගේ වන්දනයට පාත‍්‍ර වන ස්ථාන රැසකි. ලංකා චෛත්‍යය නමින් හඳුන්වන ලංකාවේ හැඩයට නිමවූ සෙල් ලිපිය එවන් එක් ස්ථානයකි. මුළු පිටකත‍්‍රයම හකුළුවා සඳහන් කර ඇති මෙය මත ඉදිකර ඇති චෛත්‍යය සර්වඥ ධාතු තැන්පත් කර නිමැවූවකි.මෙහි වන ගල් වෙහෙර තවත් වන්දනීය ස්ථානයකි. චෛත්‍යය වටා භාවනානුයෝගීන් සඳහා තැනූ කුටි සියයකි. කුටියක සිට සිත සමාධි ගත කරන විට දැනෙන සුවය අපමණ ය. හිරු දෙවියෝ තුරුලතා අතරින් ඔබ සිටිනා කුටිය ඉදිරිපසට රැස් මාලාවක් විහිදුවයි. එහෙත් එය හිරු රැසක් නොවේ. ඒ සමාධි ගතවූ සිතට සමිඳු සුවඳ කුටියේ සිට විහිදුවන රැස් දහරකි. ජය ශී‍්‍ර මහ බෝ සමිඳුන්ගේ ශාඛා අංකුරය, ශී‍්‍ර පාදය සහිත ගල්කුළු, පිරිනිවන් මංචකය, බුදුගොස් හිමි ලියූූ විසුද්ධි මාර්ගය සහිත මණ්ඩපය දහම් සුවඳ විහිදුවන සෙසු ස්ථානයන්ය. මෙහි වන ශෛලමය සඳකඩ පහන්, මුරගල්, පියගැට පෙළවල් සහ සෙල් ලිපි කලාත්මක වටිනාකමින් ද යුතු වන වග කිව යුතුය.
අල්පේච්ඡතාවයට හුරු සඟරුවනමෙහි වැඩ වසන සංඝයා වහන්සේලා සැබවින් ම දිවියේ නිස්සාර බව වැටහූූනෝ ම වෙති. මේ හිමිවරු කිසිදු මස් මාංශයකින් තොර නිර්මාංශ ආහාරයක්ම වළඳති. මිල මුදල් ඇතුලු භෞතික සම්පත් පරිහරණය නොකරති. කිසිදු සැප පහසුවකින් තොර වූ භාවනා කුටියකට වී දිවියේ කෙලෙසුන් නසා නිවන් ඟට පිවිසීමට වෙර දරන මේ හිමිවරු දැකීම වුව චංචල සිත තැන්පත් කිරීමට සමත් වෙයි.මේ ආරණ්‍යය කළුගල රක්ෂිතයට ආභරණයකි. ඊට හේතුව මිනිස් වගට සෙත සලසමින් ඉන් නැගෙන දහම් සිසිලස ය. වළිකුකුළන්, දඬුලේනුන් මෙහි සුලබ දසුන් ය.නේක හැඩැති සමනලුන් සිරිපා වන්දනාවේ යන ගමනේ දී මෙම පුද බිමට ද වන්දනා කිරීමට අමතක කර නැත. බොහෝ සතා සිව්පාවුන් මෙහි නිතර ගැවසෙති. තමන්ට හිරිහැරයක් නොවන බව සැක හැර දන්නා ඌරු මවක් සිය දරු දැරියන් සමඟ මේ පුදබිමට පැමිණි සැටි මෙහි නවාතැන් ගත් එක් රාති‍්‍රයකදී මම දැක ඇත්තෙමි.
සැදැහැතියන්ට වචනයක්පෙර කීවා සේම මෙය හුදෙක් භාවනානුයෝගීන් උදෙසාම නිමැවුනකි. ඒ නිසා මේ පින්කෙතට පිවිසීම පොහොය දිනයන්ට පමණක් ම සීමා වේ. සැදැහැතියන් මෙහි පැමිණි කළ භාවනානුයෝගීන් හට අපහසුතාවන් සිදුවේය යන්න ඊට හේතුවයි. සෙසු දිනක මෙහි පිවිසිය හැක්කේ එදින දානමය පිංකම සිදුකරනු ලබන පින්වතුන්ට පමණි. ඉතින් මේ අරණ තුළ අප විඳි සදහම් සිසිලස විඳීමට ඔබට ද ඇරයුම් කරමු.
දුමින්ද ජයවර්ධන