වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය.

බෝධිනාගල ආරණ්‍ය සේනාසනය


ඉංගිරිය නගරයේ සිට හොරණ මාර්ගයේ සැතපුම් 2 ¼ ගිය තැන, බෝධිනාගල මංසංධියෙන් වම් අතට හැරී එම පාරේ සැතපුම් 1 ½ ගිය විට මෙම ආරණ්‍ය සේනාසනය හමු වේ. 1955 වසරේ නම්කළ දොඹගස් කන්ද රක්ෂිත වනාන්තරය තුළ පිහිටා ඇති මෙම රමණීය පුද බිම ඉතාමත් සුන්දර පරිසරයක් තුළ පිහිටි ශාන්ත බිම් කඩකි.
මෙහි මනරම් වන පියස දකුණු, ගිණිකොන දෙසින් සුන්දර වූ කළු ගංගාව ගලා බසින අතර එකී දකුණු, ගිණිකොන කලාපයද බෑවුම් සහිත ඖෂධ පැල හා ප්‍රදේශයට ආවේණික පහතරට තෙත් කලාපීය ශාඛයන්ගෙන් ගහණ ප්‍රදේශයකි. මෙම ආරණ්‍ය සේනාසනය තුළ තැනින් තැන පිහිටි ලෙන් තුළ භාවනානු යෝගීව වැඩවසන භික්ෂූන් වහන්සේලා 20 – 25 පමණ වැඩ සිටින අතර උන්වහන්සේලා දානය පිළිගන්නා අවස්ථාවෙහි දී පමණක් කුටි වලින් පිටතට පැමිණ නැවත වන ගත කුටි වලට පිටත්ව යති.
ඉතාමත් ශාන්ත හා දැඩි ආරක්ෂිත භූමි ප්‍රදේශයක් වන මෙම වනගත සේනාසනය නැරඹීමටද දේශීය විදේශීය විශාල වශයෙන් පැමිණෙමින් පවතී.


ආරණ්‍යයේ නම      :-         බෝධිනාගල ආරණ්‍ය සේනාසනය
ආරම්භක වර්ෂය     :-         1955
විහාරාධිපති නාහිමි  :-         පූජ්‍ය ලබුගම ආනන්ද ධම්මකිත්ති හිමි
පිහිටීම                       :-        ඉංගිරිය නගරයේ සිට හොරණ පාරේ කිලෝමීටර් තුනක් පමණ ගිය පසුව හමුවන බෝධිනාගල මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ ගිය පසුව ආරණ්‍ය සේනාසනය හමුවේ.
ලියාපදිංචි අංකය     :-         බෞ.කො/වි/හා/දෙ/03/10/009
දුරකථන අංකය       :-         034-3346902
විස්තරය                    :-        1955 වසරේ අරඹන ලද මෙම ආරණ්‍ය සේනාසනය රයිගම් කෝරළයේ කළුගං පියසේ දොඹගස්කන්ද නැමති කුඩා කඳුගැට හතකින් යුත් මනරම් භූමි භාගයක පිහිටා තිබේ. මෙම ස්ථානය වටා නිර්මාණය වී ඇති බොහෝ ජනප්‍රවාද ද ඇති අතර බෝධිනාගල නම් නම සැකසී ඇති අන්දම ගැනද එවැනිම වූ ජනප්‍රවාදයක් පවතී. ඊට අනුව අතීතයේදී මෙම පිං බිමෙහි බමුණු පඬිවරයෙක් වාසය කර තිබේ. එම බමුණා දැන උගත් බ්‍රාහ්මණ පඬිවරයෙකු වූ හෙයින් මෙම ස්ථානය බොධනා යනුවෙන්ද  ගල් තලාවන්ගෙන් ගැවසී ගත් හෙයින්ද බෝධනාගල යනුවෙන්ද හඳුන්වන ලදී. එම නාමයම පසු කාලීනව බෝධිනාගල යනුවෙන් වෙනස් වී ඇතැයි සැලකේ. ඉංග්‍රීසි පාලන යුගයේදී රජ්ජුරුවන්ගේ කැලෑව වශයෙන් සලකාද මෙම වන රක්ෂිතය ආරක්ෂා කරන ලදී. දැනට පවත්නා වන සෙනසුන හේතුවෙන්ද මෙම බිම්කඩෙහි ආරක්ෂාව තවදුරටත් තීව්‍ර වී තිබේ.
1955 වසරේ ඇරඹී මෙම සෙනසුනෙහි ආරම්භක ගුරු ස්වාමීන් වහන්සේ වහන්සේ වූයේ ත්‍රිපිටකවාගීශ්වර පණ්ඩිතාචාර්ය වනවාසික ශ්‍රී රේවත ධර්මකීර්ති නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේ මෙහි උන්නතිය විෂයෙහිලා මහත්වූ සේවයක් කරන ලදහ. එකී සේවය සිහිකරනු වස් උන්වහන්සේගේ ප්‍රතිමාවක්ද ආරණ්‍ය සේනාසනයේ පිහිටුවා තිබේ. එමෙන්ම උන්වහන්සේගේ සමයේදීම ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙන් හටගත් අෂ්ටඵල රුක බෝධි අංකුර වලින් එකක්ද වර්ෂ 1967 අප්‍රේල් 14වන දිනදී රෝපණය කරන ලදී.
බෝධිනාගල ආරණ්‍ය සේනාසනයේ දැනට ස්වාමීන් වහන්සේලා 10 නමක් වැඩවාසය කරති. සෑම දිනකම සේනාසනයට දානාදිය ලැබෙන අතර මෙහි දායක පවුල් සංඛ්‍යාව 365ක් වේ.
බෝධිනාගල
quick cash advance
බෝධිනාගල 
quick cash advance
බෝධිනාගල 
quick cash advance
බෝධිනාගල 
quick cash advance
බෝධිනාගල 
quick cash advance
බෝධිනාගල 
quick cash advance
බෝධිනාගල